පසුගිය මහ මැතිවරණයේදී පොලිස් නිලධාරීන් රාජකාරි වෙනුවෙන් ගෙවිය යුතු මුදල් තවමත් ගෙවා නැති බව පොලිස්පති සී ඩී වික්‍රමරත්න විසින් මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇත.
මහ මැතිවරණය රාජකාරි වෙනුවෙන් පොලිසියට හිමි මුදල් මේ දක්වා ලැබී නොමැති නිසා පොලිස් දෙපාර්තමේන්තුව මුල්‍යමය ගැටළුවකට මැදිව සිටින බව පොලිස්පතිවරයා මැතිවරණ කොමිසමට දන්වා ඇත.
තවදුරටත් ඔහු ඉල්ලා ඇත්තේ පළාත් පාලන මැතිවරණ රාජකාරි ආරම්භ කිරිමට ප්‍රථම පසුගිය මහ මැතිවරණයේදී ගෙවිය යුතු හිග මුදල් ප්‍රතිපුර්ණය කරන ලෙසටයි.
ඒ හේතුවෙන් පළාත් පාලන මැතිවරණයට පොලිස් නිලධාරීන්ට රාජකාරි කටයුතු යෙදවීමේ ගැටලුවක් ඇති බවද පොලිස්පතිවරයා දැනුම් දී ඇත.