එළඹෙන පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීමට හෙට (18) දින සිට එළැඹෙන (21) වැනිදා මධ්‍යාහ්න 12.00 දක්වා අවස්ථාව හිමිවෙයි.
පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා කැඳවීමේ දැන්වීම දිස්ත්‍රික්ක තේරීම් භාර නිලධාරීන් වෙත ලැබුණු පසු ආරම්භ කෙරුණු ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු මේ දින වල සිදුකරයි.
පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු අද දිනයේත් සිදු කෙරෙන අතර පළාත් පාලන ආයතන 341න් 340 ක් සඳහා නාම යෝජනා කැඳවීම හෙට සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිසම සදහන් කරයි.
පළාත් පාලන ආයතන 153ක් සඳහා දිස්ත්‍රික්ක 18ක දේශපාලන පක්ෂි හා ස්වාධීන කණ්ඩායම් මැතිවරණ කාර්යාල වලදී ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිසන් සභාව නිවේදනය කරයි.