මැතිවරණයකට යන්නේ නම් ඡන්දය කටුගෑමේ වාර්තාවක් තැබීමට ජනතාව පියවර ගතයුතු බවත් මැතිවරණය දේශපාලඥයින්ගේ වුවමනාවක් මිස රටේ සාමාන්‍ය මහජනතාවගේ අවශ්‍යතාවක් නොමැති බවද මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසයි.
පුජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි සදහන් කළේ,
“කන්න ටිකක් දීලා කුස පුරවලා මේ රටේ අනාගතය භාරගන්න ඉන්න මේ පුංචි මල්කැකුළු වලට යම් උපකාරයක් කරන්න තිබෙනවා නම් ඒක මහා භාග්‍යයක් කියලා තමා මම හිතන්නේ… මොකද කුසේ ඉන්න දරුවා දන්නේ නෑ මේ රට විනාශ කළේ මොකද කියලා. අනුරාධපුරයට කියන්නේ වැව් බැඳි රාජ්‍ය කියලා. බත සපයපු ජාතියක් අපි. නමුත් අද වෙද්දි අපිට තෙල් ටික නෑ. පොහොර ටික නෑ.
එම නිසා ඔබත් ඔබේ බඩේ ඉන්න දරුවත් අද කුසගින්නේ. අපිත් වැරැද්දක් කරා. අවුරුදු 75ක් පුරා අපි එන එන එකාට ජය වේවා කිව්වා. අපිට ජය වේවා කිව්වේ නෑනේ. ඔබතුමන්ලා ළඟට කවුරුත් එනවා ද පොත් ටිකක්, හාල් ටිකක් අරන් දෙන්න. දැන් ජනතාවට සේවය කරන්න ටිකක් කිට්ටු වෙනවා දේශපාලනඥයෝ. ඡන්දයක් එනවා නේ ළඟ. බඩු මල්ලක් දෙයි. වේදිකාවට යන් සමෘද්ධිය කපනවා කියයි. ජොබ් එකක් දෙන්නම් කියයි.
දැන් ජොබ් දෙන්නේ නෑ. රැවටෙන්න එපා. බඳවා ගන්න එපා කියලා තහනම් කරලා තියෙන්නේ. ඒක නිසා එක එක දේශපාලුවෝ ඇවිත් කියයි අපිට ඡන්දේ දෙන්න කියලා. රැවටුණා ඇති. ආය රැවටෙන්න එපා. කතිරේ ගහන්න එපා. ඡන්දේ දැම්මොත් ඇඟිලි දෙක කපන්න ඕනේ. රැවටෙන්න නම් එපා පුතෝ. එහෙම ඡන්දේ තිබුණොත් උදේම ගිහින් කටුගාලා ඇප නැති කරන්න ඕනේ.”