කිරිපිටි, සහල්, ලූණු මිල තවත් අඩු කරයි.. නව මිල ගණන් මෙන්න.!

අවුරුදු උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ නවයක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බව ලංකා සතොස සදහන් කරයි.

ඒ අනුව ලොකු ලූනු (පාකිස්තාන්)) කිලෝවක් රුපියල් 55කින් අඩුකර ඇති අතර කිලෝවක නව මිල රුපියල් 495යි.

රතු ලූනු කිලෝවක් රුපියල් 30කින් අඩුකර ඇති අතර කිලෝවක නව මිල රුපියල් 290යි.

කඩල (ජම්බෝ) කිලෝවක් රුපියල් 16කින් අඩුකර ඇති අතර කිලෝවක නව මිල රුපියල් 494යි.

අර්තාපල් (පාකිස්තාන්) කිලෝවක් රුපියල් 15කින් අඩුකර ඇති අතර කිලෝවක නව මිල රුපියල් 195යි.

කිරිපිටි ග්‍රෑම් 400 මිල රුපියල් 10කින් අඩුකර ඇති අතර ග්‍රෑම් 400 නව මිල රුපියල් 925යි.

පාන්පිටි කිලෝවකින් රුපියල් 08කින් අඩුකර ඇති අතර කිලෝවක නව මිල රුපියල් 192යි.

සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 03කින් අඩුකර ඇති අතර කිලෝවක නව මිල රුපියල් 192යි.

ආනයනික බිත්තරයක මිල රුපියල් 07කින් අඩුකර ඇති අතර බිත්තරයක නව මිල රුපියල් 36යි.

සෝයා මීට් කිලෝවක් රුපියල් 02කින් අඩුකර ඇති අතර කිලෝවක නව මිල රුපියල් 593යි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement