එළඹෙන 19 වැනිදා දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් අවසන් වරට ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වුයේ පසුගිය වසරේ මාර්තු මාසයේය.
ඒ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාවට උපකාර කළ අවස්ථාවේදීය. ඉන්දියාව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 4කට ආසන්න ආධාර ආධාර ලබාදී තිබුණේය.