ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් දෙදින නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් දින වකවානු නිශ්චිත වශයෙන් දන්වා නැති බවත් ඉදිරි දින කිහිපය ඇතුළත ඔහු මෙරටට පැමිණීමට නියමිත බවද සදහන් කරයි.
2023 නව වසරේ ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් පැමිණෙන ඉහළ පෙළේ පළමු නියෝජිතයා සුබ්‍රමනියම් ජයශංකර් වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලයට පත් වීමෙන් පසු ඉන්දීය විදේශ ඇමැතිවරයා මෙරටට පැමිණෙන පළමු අවස්ථාව මෙය වේ.