ඉදිරියේදී තවත් ඇමැති ධුර තුනක් එකතු වීමට නියමිත බවත් අමාත්‍ය ධුර කිහිපයක් දරන රමේෂ් පතිරණ, බන්දුල ගුණවර්ධන වැඩිපුර ඇති අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
ඒ පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දුට අමාත්‍ය ධුරයක් ලබාදීමට නියමිත බවත් කර්මාන්ත අමාත්‍ය ධුරය බොහෝදුරට හිමිවනු ඇති බවද වාර්තා වේ.
හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක හා රෝහිත අබේගුණවර්ධන යන මන්ත්‍රිවරුන්ටත් ප්‍රබල අමාත්‍ය ධුරයන් හිමි වීමට නියමිත බවද වාර්තා වේ.