By unusuma.lk on
(LK time)දිවයිනේ පාසල්වල 2024 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය 2025.01.17 අවසන් වීමට නියමිතව තිබුණ අතර එය තවත් සතියකින් කල් දැමූ බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.
ඒ අනුව 2024 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය 2025.01.24 දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.
තෙවන වාර විභාගය පවත්වා සිසුන්ට ප්‍රගති වාර්තා ලබාදීමට ප්‍රමාණවත් කාලයක් ලබාදෙන ලෙස විදුහල්පතිවරුන් විසින් කරන ලද ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව තෙවන පාසල් වාරය කල්දමා ඇත.
තෙවන පාසල් වාරය අවසන් වනවිට සියලුම සිසුන්ට තෙවන වාර විභාගය පවත්වා ප්‍රගති වාර්තා ලබාදීම අවසන් කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය තවදුරටත් සදහන් කරයි.