රටේ රාජ්‍ය වියදම තවදුරටත් සීමා කර 5%කින් රජයේ පුනරාවර්තන වියදම් කපා හැරීමට නව චක්‍රලේඛයක් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇත.
සියලුම අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු සමාගම් වල ප්‍රධානීන් වෙත නිකුත් කර ඇත.
වසරේ ඇස්තමේන්තුගත ආදායම් නොලැබීම මත ඇති විය හැකි දුෂ්කරතා අවම කිරීම සඳහා රජයේ වියදම් වඩාත් පිරිමැසුම් ලෙස භාවිතා කිරීමට සදහා මෙම චක්‍රලේඛය නිකුත් කරයි.