නව චක්‍රලේඛයක්.. මුදල් අමාත්‍යංශය ගත් විශේෂ තීරණය.!

2023 නව අයවැයෙන් අමාත්‍යාංශවලට වෙන් කළ ප්‍රතිපාදනවලින් 5% ක් කපා හැරීමට අදාළ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කරන බවත් එම චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත යොමු කරන බවද මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.

කැබිනට් මණ්ඩලය ගත් තීරණය අනුව එක් එක් අමාත්‍යාංශවලින් කපා හැරිය යුතු 5% ක් වූ ප්‍රතිපාදන ප්‍රමාණයන් මේ වනවිට සලකා බලමින් සිටින බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ අමාත්‍යාංශ ක්‍රියාත්මක වන්නේ, රාජ්‍ය ණයවලින් බවත් මෙම 5% ක් අඩු කිරීම මගින් රාජ්‍ය ආයතන පවත්වාගෙන යාම සඳහා ලබාගත යුතු ණය ප්‍රමාණය අඩු වනු ඇති බවද මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.

කැබිනට් මණ්ඩලය මීට අදාළව ලබා දී ඇති නිර්දේශ සහ පවතින ප්‍රායෝගික තත්ත්වයන් සැලකිල්ලට ගෙන මෙම චක්‍රලේඛය සකස් කරන බවද මුදල් අමාත්‍යංශය තවදුරටත් සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close