ගැබිණි මව්වරුන්, කුඩා දරුවන් සහ වැඩිහිටියන්ගේ සෞඛ්‍ය ආරක්ෂණය පිළිබදව වැඩි අවධානයක්.!

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය මත ජලගැලීම් හේතුවෙන් අවතැන්ව කඳවුරුගතව සිටින ජනතාවගේ සෞඛ්‍ය සහ සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ සොයාබැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල කටයුතු කරනු ලැබුවේය.

එහිදී ගැබිණි මාතාවන්, කුඩා දරුවන් සහ වැඩිහිටියන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබද විශේෂ අවධානය යොමු කරන කරන ලෙස සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා උපදෙස් ලබාදී ඇත.

තවද සනීපාරක්ෂක කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසත් පානීය ජලය හා අවතැන් ජනතාවට අවශ්‍ය ආහාර සැපයීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා උපදෙස් ලබාදී ඇත.

පවතින ගංවතුර තත්ත්වය සමඟ ජල මූලාශ්‍ර අපිරිසිදුවීම හේතුවෙන් බෝවන රෝග පැතිරීමේ අවදානමක් මතුවන බැවින් ගංවතුර තත්ත්වය පහව යාමත් සමඟ ඇතිවිය හැකි ඩෙංගු, මී උණ, පාචනය ඇතුළු වසංගත රෝග පාලනය කිරීම සඳහා දැන් සිටම ජනතාව දැනුවත් කරන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද පෙන්වා දී ඇත.

ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණය පිළිබදව වැඩි අවධානයක් යොමු කරමින් ජලගැලීම්වලට ලක්වූ ප්‍රදේශ ආශ්‍රිතව පිහිටි රෝහල් සම්බන්ධ කරගෙන සෞඛ්‍ය කඳවුරු පැවැත්වීමට කටයුතු කරන ලෙසද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා උපදෙස් ලබාදී ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.