By unusuma.lk on
(LK time)ඉදිරි දින 04 ඇතුළත හිඟව පවතින ඉන්සියුලීන් වර්ගය මෙරටට රැගෙන ඒමට කටයුතු සම්පාදනය කර ඇති බවත් මෙරට රෝහල් පද්ධතියේ ඉන්සියුලීන් වර්ග තුනක් භාවිත කරන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.
සැපයුම්කරුගේ ලියාපදංචියේ ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් මෙම තත්වය උද්ගතව ඇති බවත් එම ගැටලුව මේ වනවිට නිරාකරණය කරගෙන ඇති බවද වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී විජේසිරිය සදහන් කරයි.
ඉන්සියුලීන් මික්ස්ටාඩ් නැමති අදාළ ඖෂධයේ පළමු තොගය ගුවන් මගින් මෙරටට රැගෙන එන්නැයි උපදෙස් දුන් බවත් එතෙක් සීමිත තොග කළමනාකරණය කරන්නැයි රෝහල්වලට උපදෙස් ලබාදුන් බවද වෛද්‍ය ජී විජේසිරිය සදහන් කරයි.