අද (31) දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නිවස අසල අරගලකරුවන් පිරිසක් සංකේතාත්මක විරෝධතාවක් සංවිධානය කර තිබුණේය.
අද පස්වරුවේ අරගලකරුවන් එහි පැමිණි විරෝධතාව ආරම්භ කළ අතර පසුව පොලීසිය පැමිණ විරෝධතාවය විසුරුවා හැරීමට පියවර ගැනීමත් සමග එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
එම අවස්ථාවේදී සමාජ මාධ්‍ය ක්‍රියාකරී අනුරුද්ධ බණ්ඩාර සහ ධානීෂ් අලී යන දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරුව අරගලකරුවන්ව නුගේගොඩ ගුවන් පාලම දක්වා පළවාහැරීමට පොලීසිය කටයුතු කල අතර එහිදී විරෝධතාවක නිරත වීමට අරගලකරුවන් කටයුතු කළේය.