හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස පිහිටි මිරිහාන ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා අමතර පොලිස් කණ්ඩායම් යෙදවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
අරගලය ආරම්භ කර වසරක් නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේ පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය හේතුවෙන් මෙලෙස ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වේ.
මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත පොලිස් නිලධාරීන් 1500 ක් ඇතුළු ආරක්ෂක සාමාජිකයන් තුන්දාහක් 3000 කින් සමන්විත විශේෂ බලඇණියක් කැඳවා ඇතැයිද වාර්තා වේ.
පසුගිය 2022 වසරේ මාර්තු 31 වෙනි දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කිරීමට සිදුකළ උද්ඝෝෂණයට අදට වසරක් පිරීම නිමිත්තෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු යනුවෙන් විරෝධතාවක් පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.