By unusuma.lk on
(LK time)රජය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරිගේ සේවය අවසන් කිරීමට තීරණය කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කර තිබු එම යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි.
එම තනතුරේ වැඩබැලීම සඳහා ජනාධිපති අතිරේක ලේකම් වශයෙන් සේවය කරන යූ.ඩී එන් ජයවීර පත් කිරීමටද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.