ජංගම දුරකථන මිල ලක්ෂ ගණනින් පහළට.. නව මිල ගණන් මෙන්න.!

රුපියලේ අගය ශක්තිමත් වීම හේතුවෙන් ජංගම දුරකතනවල මිල සැලකියයුතු මට්ටමකින් පහළ යන බව ජංගම දුරකතන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් මාද්‍ය වෙත අදහස් දැක්වීය.

පාරිභෝගිකයන් හට මේ උත්සව සමයේ සාධාරණ මිලට ජංගම දුරකතන මිලදී ගැනීමට හැකියාවක් පවතින බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

ඒ සම්බන්ධව අදහස් දැක්වූ සමිත් සෙනරත්,, 

“උදාහරණයක් විදිහට වර්තමානයේ අපිට ගන්න පුලුවන් මිල අධිකම ජංගම දුරකතනය වන iPhone 15 Pro Max එකක් පෙර පැවති මිල රුපියල් 515,000ක් විතර, නමුත් වර්තමාන වෙළඳපොළේ 375000ක විතර මිලකට පාරිභෝගිකයින්ට දැං ඒ දුරකථනය ලබා ගන්න පුලුවන්.

ඩොලරයේ අගය වැඩි වීමට පෙර රුපියල් 2000ට 3000ට තිබ්බ ෆෝන් ඩොලරය වැඩි වීමත් සමඟ 10000 ඉක්මවා ගියා, දැන් 7000 වගේ මුදලකට මිලදී ගන්න පුලුවනි.

මිනිස්සු හැමෝටම අද දුරකතනය අත්‍යවශ්‍ය කාරනයක් වෙලා තියෙනවා. ඩොලර් පහත වැටීමත් එක්ක අපි සංගමයක් විදිහට මිල පහල දැම්මා. අලුතින් ජංගම දුරකත්න සදහා වැට් එකක් දැම්මා. ජංගම දුරකතන ආනයනයේදී 18%ක් විතර වැට් එකක් වදිනවා. ඉතින් ඒ හින්දා තමයි මේ මට්ටමේ නැවතිලා දැන් තියෙන්නේ. වැට් එක නැත්තම් තව මිල අඩුවෙන් දෙන්න පුලුවනි.

මේ මිල අඩු වීම සමග අමතර උපාංග වල මිලත් අඩුවෙනවා. අලුත් වෙන උපකරණයක් වන ජංගම දුරකතන ගෙන්වීමේදී TRC කටයුතු නිසා අලුත් දුරකථන ලංකාවට පැමිනීමේ පරක්කුවක් තියෙනවා අපි ඒ ස්වුමසම්බන්ධව ඔවුන් සමග සාකච්චාවක් කිරීමට බලාපොරොත්තු වෙනවා.”

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement