තවදුරටත් මුදල් අච්චු ගැසීම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් තහනම් කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කරයි.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන තවදුරටත් සදහන් කළේ,
“අපි දිගටම සල්ලි අච්චු ගහලා, අච්චු ගහලා ණය අරගෙන ඒම තුළ තමයි නිදහසින් අවුරුදු 75ක් ගතවෙන කොට අපිට ඒ ගත්ත ණය බේරුම් කරන්න බැරුව මේ දරුණු ආර්ථික අර්බුදය ඇතිවෙලා තියෙන්නේ, දිගින් දිගටම සියලු වියදම්, එදිනෙදා පවත්වාගෙන යාමේ වියදම් දරා ගත්තේ සල්ලි අච්චු ගහලා.
දැන් අපිට ණය හිමියන්ට ඒ ණය නොගෙවීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අනෙකුත් ණය දෙන ආයතන විසින් සල්ලි අච්චු ගැසීම තහනම් කරලා තියෙනවා. සල්ලි අච්චු ගැසීම කරන්න දෙන්නේම නැහැ. ඒ තත්ත්වය තුළ තමයි රටේ මූල්‍ය කළමනාකරණය කරන්න සිද්ධවෙලා තියෙන්නේ.“