ව්‍යාජ රුපියල් 500 නෝට්ටුත් වෙළෙඳපොලේ.!

ඊයේ (25) දිනයේ රුපියල් 500 ව්‍යාජ නෝට්ටු සන්තකයේ තිබූ පාසැල් සිසුවෙකු තඹුත්තේගම බස් නැවතුම්පොළ පරිශ්‍රයේ රැඳී සිටියදී තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්ට්ගේ නොචියාගම උඩුනුවර ජනපදයේ පදිංචි (17) හැවිරිදි සිසුවෙකි. 

සැකකාර සිසුවා ඊයේ (25) දහවල් තඹුත්තේගම බස් නැවතුම්පොළ අසලදී පොලිස් පරීක්ෂාවට ලක් කිරීමේ දී ඔහු සන්තකයේ තිබී රුපියල් 500  ව්‍යාජ නෝට්ටු හයක් සොයාගෙන ඇති අතර පසුව සැකකරුගේ තොරතුරු මත ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීමේ උපකරණ රැසක් නිවසේ තිබී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close