නීති විරෝධී උණ්ඩියල් ජාවාරමක නිරත වී යාපනයේ පුද්ගලයින්ගෙන් රුපියල් දස ලක්ෂ අනූදහසක මුදලක් වංචා කළ පොදුජන පෙරමුණේ දිස්ත්රික්ක සංවිධායකවරයකු (14) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මුදල් වංචාව සම්බන්ධයෙන් යාපනය ප්රදේශවාසීන් පොලිසියට කරන ලද පැමිණිලිවලට අනුව පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් මූලික පරීක්ෂණ ආරම්භ කර සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා විදෙස් රට වලින් එවනු ලබන මුදල්වලින් විශාල මුදල් ප්රමාණයක් වංචනිකව ලබාගෙන ඇති අතර දැනට පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ රුපියල් දස ලක්ෂ අනූදහසක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් පමණක් බවයි.