සඳේ ඉඩම් කොටස් කර විකුණයි.. ඉන්දීය රුපේෂ් සහ හිටපු ජනාධිපතිවරුන් ඉඩම් මිලදී ගනී.!

චන්ද්‍රයාන් 3 මෙහෙයුමෙන් පසුව ඉන්දියාවේ ජම්මු නගරයේ 49 හැවිරිදි රුපේෂ් මෑසන් නම් ව්‍යාපාරිකයෙක් සඳෙන් ඉඩම් කැබැල්ලක් මිලදී ගෙන ඇති බව එරට හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරයේ පිහිටි ඉන්ටර්නැෂනල් ලූනාර් ලෑන්ඩ් රෙජිස්ට්‍රි වෙබ් අඩවිය ඔස්සේ රුපේෂ් මෙම ඉඩම් කැබැල්ල මිලදී ගෙන ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

සඳේ ලේක් ඔෆ් හැපිනස් ලෙස හඳුන්වන ප්‍රදේශයෙන් මෙම ඉඩම් කැබැල්ල මිලදී ගෙන ඇති බවත් එම ඉඩම් කැබැල්ලට ඔප්පුවක් සහ මිලදී ගත් ඉඩම් කැබැල්ලේ සැටලයිට් ඡායාරූපයක් ඉන්ටර්නැෂනල් ලූනාර් ලෑන්ඩ් රෙජිස්ට්‍රිය ව්‍යාපාරිකයාට ලබාදී ඇත.

ගනුදෙනුකරුවන්ට අවම අක්කරයක ඉඩම් කැබැල්ලක් සඳෙහි මිලදී ගැනීමට හැකියාව පවතින අතර ඉඩම් මිලදී ගැනීමෙන් ලැබෙන මුදල් පුද්ගලික සඳ ගවේෂණය සඳහා යොදවන බවද ඉන්ටර්නැෂනල් ලූනාර් ලෑන්ඩ් රෙජිස්ට්‍රිය සඳහන් කර ඇත.

හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකු සහ ප්‍රසිද්ධ පුද්ගලයින් 675 ක් මේ වන විට සඳෙහි ඉඩම් මිලදී ගෙන තිබෙන බවත් එම ඉඩම් කැබැල්ලක් මිලදී ගැනීම තුළින් තමන් වෙනස් අනාගතයක් සඳහා සූදානම් යැයිද රුපේෂ් මෑසන් සදහන් කර ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close