පොහොර මිල අඩු කරයි.. නව මිල ගණන් මෙන්න.!

හෙට (15) දිනයේ සිට MOP කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් දහසකින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කරයි.

මෙම යල කන්නය ආරම්භයේදී රුපියල් 19,500 සිට රුපියල් 15,000 දක්වා MOP පොහොර මිල රුපියල් 4500කින් අඩු කරනු ලැබුවෙිය.

ඒ අනුව රුපියල් 15,000ක් වන MOP කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් හෙට දිනයේ සිට රුපියල් 14,000කට මිලදී ගත හැකි බවද කෘෂිකර්ම අමාත්‍යවරයා සදහන් කරයි.

අද (14) දින පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අමතමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close