රුසියා ප්‍රහාරයේ මරණ සංඛ්‍යාව 60ක් දක්වා ඉහළට.!

රුසියාවේ මොස්කව් නුවර ක්‍රොකස් සිටි රංග ශාලාවට ඊයේ (22) එල්ල කල ත්‍රස්ත ප්‍රහාරයෙන් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යව 60ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම එහි සිටි තවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර ඇති ඇති බවද ෆෙඩරල් ආරක්ෂක සේවය වැඩිදුරටත් සඳහන් කළේය.

රුසියානු නියෝජ්‍ය අගමැති ටැටියානා ගොලිකෝවා ප්‍රකාශයක් සිදුකරමින් කියාසිටියේ, ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ට පුටින් ජනාධිපතිවරයා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ බවය.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මේ දක්වා එරට ජනතාව අමතමින් කිසිඳු ප්‍රකාශයක් සිදුකර නොමැති බව සදහන්.

Loading

RSS