විපක්ෂ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් මන්ත්රී මුජිබුර් රහුමාන් පාර්ලිමේන්තුව මුදල් කාරක සභාවෙන් ඉල්ලා අස්වී ඇත.
මුජුබුර් රහුමාන් ඉල්ලා අස්වීම නිසා එම පුරප්පාඩුව සඳහා සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්රික් මන්ත්රී රවුෆ් හකීම් පත් කර ඇත.
මන්ත්රී රවුෆ් හකීම් පත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.