විපක්ෂ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් තම පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වන බව අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කරමින් මුජිබර් රහුමාන් සදහන් කළේ, කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා තරග කිරීමේ අපේක්ෂාවෙන් මෙම තීරණය ගන්නා බවයි.