අද (10) දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මුජිබුර් රහුමාන් කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේදී දිවුරුම් දුන්නේය.
ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වු සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පත් කිරීමට එම පක්ෂය තීරණය කළේය.