ඉන්දියාවේ පැවැත්වෙන (IPL) ක්‍රිකට් තරගාවලියේ (24) දින පැවති දෙවන අවසන් පූර්ව තරගයෙන් ජයගැනීමට මුම්බායි ඉන්දියන් කණ්ඩායම සමත් විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 182 ක් රැස්කළේය.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් කණ්ඩායමට ක්‍රීඩකයින් සියලුදෙනාම දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 101ක් පමණක් වන අතර ඒ අනුව ලකුණු 81කින් ජයගැනීමට මුම්බායි කණ්ඩායම සමත් විය.
එම ජයග්‍රහණයත් සමග මුම්බායි ඉන්දියන් කණ්ඩායම එළඹෙන සිකුරාදා දිනයේ පැවැත්වෙන තුන්වන අවසන් පූර්ව තරගයේදී ගුජරාට් කණ්ඩායමට එරෙහිව තරග වදී.