බිරිඳ එල්ල කළ මාරාන්තික පොරෝ පහරින් නින්දේ සිටි සැමියා ජීවිතක්ෂයට.!

ඊයේ දිනයේ (29) තම බිරිඳ විසින් එල්ල කළ මාරාන්තික පොරෝ පහරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි ප්යුඩද්ගලයෙකු මිය ගොස් ඇත.

එම කාන්තාව මානසික ආබාධයකට ප්‍රතිකාර ලබමින් සිටි කාන්තවක් බව ඉපලෝගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ඉපලෝගම, ගන්තිරියාගම ප්‍රදේශයේ පදිංචිව සිටි උක්කු බණ්ඩා නමැති 74 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ වන 59 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලීසිය සඳහන් කළේය.

පසුගිය හයවන දින මියගිය පුද්ගලයා තම නිවසේ සාලයේ විවෘත කොටසේ බිම නිදා සිටියදී ඔහුගේ බිරිඳ වන සැකකාරිය පොරවකින් මියගිය පුද්ගලයාගේ හිසට පහරක් එල්ල කර ඇත.

අසල්වාසීන් විසින් තුවාලකරු කැකිරාව රෝහලට ඇතුලත් කර ඉන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලලේ දැඩිසත්කාර ඒකකය වෙත මාරු කර යැවූ මෙම පුද්ගලයා සුව කිරීමට නොහැකි වීම හේතුවෙන් පසුගිය 24දා යළි කැකිරාව රෝහල වෙත යොමු කිරීමෙන් පසු, දියණියගේ නිවසට රැගෙන ගොස් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත් වූ බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුගේ බිරිඳ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close