වචන හුවමාරුවට දුන් පොරෝ පහරින් 44 හැවිරිදි කාන්තාවකට දිවි අහිමි වේ.!

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ අග්බෝපුර 84 ප්‍රදේශයේදී පදිංචිකාරියක් වන වයස 44 ක් වූ විවාහක කාන්තාවකි.

ඊයේ (29) රාත්‍රියේ සිය අසැල්වැසි නිවසක සිටින පුද්ගයෙකු බීමතින් පැමිණ මෙම කාන්තාව සහ ඇයගේ බැන වැදීමක් සිදු කර ඇති අතර පසුව නැවත ඇය සිය සැමියා සහ තවත් ඥාති සහෝදරයෙකු සමග අදාළ පුද්ගලයාගේ නිවස අසලට ගොස් ඒ පිළිබඳ විමසා තිබේ.

එම අවස්ථාවේ ඇතිවු බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු එම බීමත් පුද්ගලයා මෙම කාන්තාවට සහ ඇයගේ සැමියාට පොරොවකින් පහරදී ඇති බව වාර්ථා වේ.

අඹු සැමි යුවල කන්තලේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කාන්තාව මියගොස් ඇති බව පොලීසිය පවසයි.

සැමියා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement