ස්වාමිපුරුෂයා කණුවක ගැටගසා මිය යනතුරු පහරදීලා.!

නිතර බීමතින් පැමිණ බිරියට හිරිහැර සිදුකරන බව කියන පුද්ගලයෙකු පසුගිය 2 වන දා රාත්‍රියේ ද බීමතින් නිවෙසට පැමිණ බිරියට පහර දීමට ගිය අවස්ථාවේ මෙම සිදුවීම වී ඇතැයි වාර්තා වේ.

අදාල පුද්ගලයා බීමතින් පැමිණි අවස්ථාවේදී බිරිය ප්‍රදේශවාසීන්ගේ සහයෙන් ඔහු පුටුවක හිඳුවා නිවසේ කණුවකට තබා ගැට ගසා විදෙස්ගතව සිටින සිය දරුවන්ට වීඩියෝ ඇමතුමක් ගෙන සිදුවීම ගැන පවසා ඇති අතර එම අවස්ථාවේ බීමත් පුද්ගලයාට (පියාට) පහර දෙන ලෙස එහිදී දරුවන් පවසා ඇති බවට තොරතුරු අනාවරණය වී අතැයිද ඉන්පසු අසල්වාසී පිරිස ඔහුට පහර දී ඇතැයිද පොලිසිය පවසයි.

එම පහරදී ඔහු සිහිසුන්වීමෙන් පසුව වලාන රජයේ රෝහලට ඇතුළත් කළද ඒවන විටත් ඔහු මියගොස් සිටි බවත් අදාල පුද්ගලයා ගැට ගැසූ ලණුව බෙල්ලේ හිරවීමෙන් මෙම මරණය සිදුවන්නට ඇතැයි සැකකරන බවත් පොලිසිය සඳහන් කරයි.

සිදුවීම සම්බන්ධයෙන් අදාල කාන්තාව (බිරිඳ) මේවනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි වැලිගම පොලිසිය පැවසීය.

මාතර, වැලිගම, දෙනිපිටිය, කොස්ගස්හේන ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි එල්.පී. ප්‍රේමකුමාර නමැත්තකු මෙසේ පහරකෑමට ලක්ව මියගොස් ඇත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close