මහෙස්ත්‍රාත් ඝාතන සැලැස්මක්.!

කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඝාතනය කිරීමේ සැලැස්මක් සම්බන්ධයෙන් ඉක්මන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පොලිස්පති වරයාට උපදෙස් දී ඇත.

රජයේ ඔත්තුකරුවෙකු විසින් ලබාදුන් තොරතුරුවල සදහන් පරිදි මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඝාතනය කිරීමට කිසිවෙකු විසින් දුරකථන ඇමතුමක් මගින් ගිනිඅවියක් ඉල්ලා ඇත.

ඔත්තුකරුවා විසින් එම දුරකථන අංකද සහිතව තොරතුරු දක්වා ඇති අතර එම දුරකථන අංක සම්බන්ධයෙන් දැනටමත් විමර්ශන ආරම්භ කර ඇත. එම ගිනිඅවිය ඉල්ලා ඇත්තේ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ලබා දුන් අධිකරණ නියෝග හේතුවෙන් ඔහු ඝාතනය කළ යුතු බව පවසමිනි.

එම ඝාතනයෙන් පසු, යුක්තියේ මෙහෙයුමට පහරක් වදිනූ ඇති බවත් එම ක්‍රියාන්විතය අඩාල කර පොලිස්පති සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා අපකීර්තියට පත් කිරීම මෙහි තවත් අරමුණක් බවද එම ඔත්තුකරුවා වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close