පාර්ලිමේන්තු මන්‍ත්‍රීවරයෙකු ඝාතනය කිරීමේ උත්සාහයක්.. ගිනි අවි අතැතිව නිවස අසල.!

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂ නායක දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතා පවසන්නේ තම නිවස අවට හා ඒ ආසන්න ප්‍රදේශයේ රාත්‍රී කාලය පුරා සන්නද්ධ කල්ලියක් යතුරු පැදිවලින් ගමන් කරනා බවයි.

එම තර්ජනය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් ඵලක් නොමැති බව පෙන්වාදුන් මන්ත්‍රීවරයා පවසන්නේ මින් පෙර අවස්ථාවක පැමිණිලි කිරීමෙන් පසු පොලිස් නිලධාරීන් දෙසීයක් පමණ තම නිවසට කඩා වැද නිවස පරීක්ෂා කළ පිටව ගිය බවයි.

මෙම සන්නද්ධ කණ්ඩායම මුහුණු ආවරණය කරගෙන හිස්වසුම්ද පැළඳ යතුරුපැදි වලින් ගමන් කරනා බව තම නිවසේ කැමරා පද්ධතියේ සටහන් වී ඇතැයිද හෙතෙම පවසයි.

තම ජීවිත තර්ජන සම්බන්ධයෙන් කතානායකවරයාට ලිඛිතව දන්වා ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close