By unusuma.lk on
(LK time)ඊයේ (05) රාත්‍රියේ පොළොන්නරුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අබිරහස් ලෙස මියගොස් තිබේ.
එම ව්‍යාපාරිකයා පොළොන්නරුව රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් මියගොස් සිට ඇති බව සඳහන්.
මුස්ලිම් කොලණිය, කඳුරුවෙල ලිපිනයේ පදිංචි ව්‍යාපාරිකයෙකු එලෙස මියගොස් ඇති අතර ඔහු අවුරුදු 46ක පුද්ගලයෙකි.
මරණකරු සිය ව්‍යාපාරික ස්ථානයේ සිට තමාගේ නිවසට කාර් රථයෙන් පැමිණ ඇති අතර කාර් රථය පණ ගන්වා තිබියදීම ඒ ආසන්නයේ පපුවේ ලේ ගලන තුවාලයක් සහිතව වැටී සිට ඇති බවත් මෙම පහරදීමක් හේතුවෙන් සිදුවූ මරණයක් බවට පොලීසිය සැකකරනු ලබයි.
මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සඳහා පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පොළොන්නරුව පොලීසිය වැඩිදුර විෂර්ශන සිදුකරනු ලබයි.