මුතූර් පොලිස් බල ප්‍රදේශයට අයත් බිහිරියා නගර් කලපුව ආශ්‍රිතව ඝාතනය වූ බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මලසිරුරක් සොයා ගෙන තිබේ.
ඊයේ (01) පස්වරුවේ පොලීසිය විසින් මලසිරුර සොයා ගනු ලැබූ අතර, මියගිය පුද්ගලයා 39 හැවිරිදි මුතුර් 01, බහිරියා නගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සදහන්.
පොලිස් නිලධාරීන්ගේ විමර්ශනය අනුව, ඝාතනයට ලක්වී ඇති තැනැත්තාගේ අත් පය බැඳ , වැලි පිරවූ බෑගයක් දෑත් වල ගැටගසා මෙසේ ඝාතනය කර ඇති බව සදහන්.
මෙම පුද්ගලයා මානසික සෞඛ්‍ය ගැටලුවකින් පෙලෙමින් සිටි බව වාර්තා වේ, මියගිය පුද්ගලයා කිසිවකුට නොදන්වා 30 වැනිදා සවස නිවසින් පිටව ගොස් ඇති බව පොලීසිය අනාවරණය කරගෙන ඇත.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මුතූර් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.