මුතු රාජා ලංකාව අතහැර යළිත් උපන් බිමට.!

මීට වසර 22 කට පමණ පෙර ශ්‍රී ලංකාවට ලබාදුන් “මුතු රාජා ” හෙවත් ” සක්සුරින් ” හස්තියා යළි  තායිලන්තය වෙත රැගෙන යාමට ගුවන් යානය අද දින උදෑසන 07.30 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර , ” ෂියන්මායි ” ගුවන් තොටුපොළ බලා පිටත්ව යාමට නියමිතය.

අද දින අලුයම 03.00 ට පමණ “මුතු රාජා ” හෙවත් ” සක්සුරින් ” හස්තියා කොළඹ කටුනායක ගුවන් තොටුපොළට රැගෙනවිත් තිබු අතර මෙම හස්තියා ඇතුළත් විශේෂ කූඩුව, ඔහු තායිලන්තය වෙත රැගෙන යාමට නියමිත රුසියානු ” ඉලුෂියන් – 76 ” ගුවන් යානයට මේ වනවිට පටවා ඇත.

එම ගමන සඳහා තායිලන්තයේ සිට මෙරටට පැමිණි පශු වෛද්‍යවරුන් තිදෙනෙකු, ඇත් ගොව්වෙකු සහ සහයකයින් දෙදෙනෙකු සහභාගී වන බවත් හස්තියා අපහසුතාවට පත් නොවන ආකාරයට අද දින අලුයම 12.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණියේය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close