ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක සහ එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිස බොහෝ දුරට අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු සඳහන් කරයි.
අධිකරණය හමුවේ මේ වන විටත් විභාග වෙමින් ඇති අපරාධ නඩුවක චූදිතයන් වන ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සියලු පසුබිම් මේ විට ඒ හරහා සැකසී ඇති බවද නාගානන්ද කොඩිතුවක්කු සඳහන් කරයි.
ජාතික ජන බලවේගද ඇතුළු තවත් වාමාංශික පක්ෂ ප්‍රධානින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉඩ තිබෙන බවද නාගානන්ද කොඩිතුවක්කු සඳහන් කරයි.
තවද දුෂණ අපරාධ නඩුවක් 2017 දෙසැම්බර් 02 දින ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකුට තිබෙන බවත් ඒ හරහා අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවද නාගානන්ද කොඩිතුවක්කු සඳහන් කරයි.
එම අපරාධ නඩුවක් නිසා දුෂණ කොමිසමට අවසරයක් නැතිව එම මන්ත්‍රීවරුන් 06 දෙනා අත්අඩංගුවට ගැනීමට හැකි බවත් අනතුරුව අවුරුදු 10ක් සිරගත කිරීමට හැකි බවද ඔහු සදහන් කරයි.
පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් නාගානන්ද කොඩිතුවක්කු මේ බව සදහන් කරයි.