අද (10) දින පැවැති විපක්ෂ සමගි ජන බලවේග පක්ෂයේ මාධ්‍ය හමුවේදී රාජිත සේනාරත්නට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට නලින් බණ්ඩාර පියවර ගත්තේය.
රාජිත සේනාරත්න එදා සිට ආණ්ඩුවට යන්න බලාගෙන සිටින මන්ත්‍රීවරයෙක් බවත් ප්‍රශ්නය වූයේ ආණ්ඩුවෙන් රාජිත සේනාරත්න නොගැනීම බවද නලින් බණ්ඩාර සදහන් කරයි.
රාජිත සේනාරත්න හේතුවෙන් සමගි ජන බලවේග පක්ෂයේ ඡන්ද පවා නැතිවූ බවත් රාජිත සේනාරත්න ආණ්ඩුවට යන එකම හොද බවද නලින් බණ්ඩාර සදහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් වුණ වෙලාවේ ඉදන් රාජිත සේනාරත්නට පක්ෂයෙන් ඉවත් වීමට ආසාවක් තිබුණත් රාජිත සේනාරත්න ආණ්ඩුවට ගැනීමට මන්ත්‍රීවරුන් අකමැත්තක් තිබු බවද නලින් බණ්ඩාර සදහන් කරයි.