පොහොට්ටුව දෙකට කැඩී මන්ත්‍රීවරුන් සමග නාමල් විපක්ෂ නායක ධුරයට.?

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ලෙස මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත් කිරීමේ සැලසුමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

ආණ්ඩුවට සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායමක් එක්වුවහොත් එයට විරුද්ධ මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් විපක්ෂයට එක්වනු ඇති බවද වාර්තා වේ.

අනතුරුව විපක්ෂයේ බහුතරය තහවුරු කරගෙන නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ලෙස පත් කිරීම ඔවුන්ගේ සැලසුම බවද වාර්තා වේ.

කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ පොදුජන පෙරමුණ පක්ෂය අත හැරීමට අකමැති බවත් පොහොට්ටුවේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් විපක්ෂයට එක්වීමට සුදානම්න් සිටින බවද වාර්තා වේ.

පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් තමන්ට ඇමති ධුරයක් නොලැබීම මත තවදුරටත් ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවට සහාය දැක්වීමේ තේරුමක් නැති බවද සදහන් කරයි.

කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කළේ, තමන් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක් නොවන බවත් තමාගේ විපක්ෂ නායක ධුරය අත හැරීමට තමන් සුදානම් නැති බවයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close