වසර ගණනාවක් තිස්සේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායම් විසින් රාජපක්ෂ පවුල මහජන මුදල් සොරකම් කළ බවට ප්‍රකාශ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කරයි.
උගන්ඩාව ඇතුළු රටවල රාජපක්ෂ පාලනය විසින් ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි කරන චෝදනා ඔප්පු කරන ලෙස නාමල් රාජපක්ෂ ජනාධිපතිවරයාට අභියෝග කරයි.
ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් ඔප්පු කිරීමට දැන් ජනාධිපතිවරයාට කාලය පැමිණ ඇති බවද නාමල් රාජපක්ෂ සදහන් කරයි.
පසුගිය ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරයේදී අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශයක් තම “X” සමාජ ජාල ගිණුමේ පළ කරමින් නාමල් රාජපක්ෂ මේ බව සදහන් කරයි.
චෞර සේනාංකය මේ රටේ බලවත්ම පිරිසක්. තොරතුරු නඩුබඩු සාක්ෂි පිරිස තවත් බොහෝ දේවල්වල ආධිපත්‍යයත් ඔවුන් සතුයි. උඩුගං බලා යන මේ දුෂ්කර ප්රයත්නය මහජන සහයෝගය සහිතව සාර්ථක වෙනවාමයි !
ජනාධිපති පත් වෙලා අදට දින 8 යි ඒ අතරේ පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් වෙලා මාලීමාවත් මැතිවරණයට මුහුණ දෙන්න සූදානම් වෙනවා මැතිවරණයට ඕන එකක් වෙද්දෙන් චෞර රාජපක්ෂලගේ හොරකම් ගැන නීතිය ක්‍රියාත්මක කරන්න ප්‍රමුඛතාවය දෙන්න ඕන ජනාධිපති ක්‍රියාත්මක වෙන්නේ නෑ කියල නාමල් බේබිට නොතේරුනාට ඔය බබාලගේ කෙරුවාව දන්න පොදු ජනතාවට අවබෝධයක් තියෙනවා.දැන් බේබිට සහ ගෝලයින්ට කිය කියා ඇවිදින්න පුළුවන් කෝ අපිට කරපු චෝදනා ඒවට අපිව හිරේ දැමීමද මාලීමාව කිව්වෙ බොරු ඒ හින්දා අපිට ජන්දෙ දෙන්න කියලා.බේබි එන පොට ජනතාව දන්නවා.ඔහොම ඉන්න මහමැතිවරණය අවසන් වෙනකම් උගන්ඩාව විතරක් නෙවෙයි තාජුඩීනුත් නැගිටලා ඒවි
පිස්සා කලබල කලාට ඩොක්ටර් කලබල නෑ