මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්.!

ලංකාවේ ආර්ථිකය යළි ප්‍රකෘතිමක් කරලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩව පියවර ගන්නා බව මහ බැංකු අධිපති ආචාර්ය නන්නදලාල් වීරසිංහ කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් සදහන් කරයි.

උද්ධමනය ඉහළයාම සහ විදේශ විනිමය හිඟය මුහුණදුන් ප්‍රධාන ගැටලු දෙකක් බවත් උද්ධමනය ඉහළ යාම සහ ගෙවුම් ශේෂ හිඟය පාලනය කිරීමට තීරණාත්මක පියවර ගැනීම මහ බැංකුවේ අරමුණ බවද මහ බැංකු අධිපතිවරයා සදහන් කරයි.

රට තුළ උද්ධමනය පාලනයකින් තොරව විශාල ලෙස ඉහළ යාම වැළැක්වීම සඳහා තීරණාත්මක පියවර රැසක් ගැනීමට සිදුවු බවද මහ බැංකු අධිපතිවරයා එහිදී සදහන් කරයි.

ලංකාවේ උද්ධමනය 70%ක් දක්වා උපරිමයට ගිය බවත් එය දැන් 30% මට්ටම දක්වා පැමිණ ඇති බවත් මෙම වසරේ සිව්වන කාර්තුව වනවිට උද්ධමනය තනි අගයකට පැමිණෙන බවද මහ බැංකු අධිපතිවරයා සදහන් කරයි.

මහ බැංකුව පොලී අනුපාත ඉහළ නැංවීම, ව්‍යාපාර සඳහා දුෂ්කර වේදනාකාරී පියවරක් වුවද දැනට එය කෙටි කාලීනව විසඳා තිබෙන බවත් එවැනි පියවර ආර්ථික අස්ථාවරත්වයේ දරුණු ප්‍රතිවිපාක වැළැක්වීමට අවශ්‍ය වන බවද මහ බැංකු අධිපතිවරයා සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close