එරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ලබාදෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා විධායක කමිටු අනුමැතිය අද (20) දින ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කරයි.
එම ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත හෙයින් ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය අවසන් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කරයි.
ඒත් සමග ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මෙරටට ආනයනය කිරීම සඳහා ප්‍රමාණවත් විදෙස් සංචිත ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවද මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සදහන් කරයි.
එරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල මෙරටට ලැබීම තුළින් ආයෝජකයන් ශ්‍රී ලංකාව පිළිබඳ තබන විශ්වාසය තවත් වැඩි වනු ඇති බවද නන්දලාල් වීරසිංහ තවදුරටත් සදහන් කරයි.