රටේ ඉදිරි ගමන වෙනස් කරන්න අලුත් වැඩකට මහ බැංකුව අත තියයි.!

මේ වනවිට ඉතා සුපරීක්ෂාකාරීව ඩිජිටල් මුදල් ඒකකයන් පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ නවදිල්ලි නුවරදී සංවාදයට එක්වෙමින් සදහන් කරයි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ තවදුරටත් සදහන් කළේ,

“මූල්‍ය ක්ෂේත්‍රයට අදාළ ජාතික තොරතුරු පද්ධතිය ඩිජිටල්කරණය කිරීම අපගේ නවතම සැලැස්ම. අපි ඒ දේ සිදුකිරීමට දැනටමත් ප්‍රමාදයි, අපි මේ වනවිට ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරගෙන යනවා. ඒ වෙනුවෙන් නව රෙගුලාසි පවා සකස් කරමින් පවතිනවා.

ඒ වගේම මහ බැංකුව ලෙස අපි ඩිජිටල් මුදල් ඒකකයන් පිළිබඳව මේ වනවිට ඉතා සුපරීක්ෂාකාරීව අධ්‍යයනය කරනවා. නමුත් අපි එම තැනට තවම පැමිණ නැහැ. එය අපගේ ඉදිරිගමන වෙනස් කිරීමට හැකි තීරණාත්මක සාධකයක් වනු නියතයි.”

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close