ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) ණය පහසුකම ලබාගැනීම සඳහා අදාළ එකඟතාව අත්‍යවශ්‍ය බවත්, ඒ හේතුවෙන් ණය කපාහැරීමට කඩිනමින් එකඟවන ලෙස චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කරයි.
චීනය සහ ඉන්දියාව කඩිනමින් ණය කපා හැරීමට එකගවී අදාළ ක්‍රියාමාර්ගය ගැනීම සියලු පාර්ශවයන්ගේ අවශ්‍යතාවය වන අතර එමගින් සියලුදෙනාට යහපතක් වනු ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සදහන් කරයි.
මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ BBC මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මේ බව සදහන් කරයි.