මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්.!

ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියට චීනයේ සහය ලැබෙනු ඇතැයි, අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වොෂින්ටන් නුවරදී විදෙස් මාධ්‍යයක් සමග සාකච්ඡාවකට එක් වෙමින් සදහන් කරයි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ තවදුරටත් සදහන් කළේ,

”චීනය කියන්නේ දිගින් දිගටම ලංකාවට සහය දැක් වූ රටක්. ඒ වගේම ඔවුන් අපේ රටට විශාල ආයෝජන ප්‍රමාණයක් ලබා දීලා තියනෙවා. ඉතිං මේ රටවල් දෙකම මේ ක්‍රියාවලිය ඉතා ඉක්මනින් අවසන් කිරීම තුළින් අපිට අපේ ණය යළි ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්න පුළුවන්.

අපි හිතනවා චීනය අපිට මේ වෙනුවෙන් සහය දක්වයි. මේ වෙනුවෙන් ඔවුන්ගේ සහය ප්‍රසිද්ධියේ අපිට ලබා දීලා තියෙනවා. අපිට විශ්වාසයි ඒ නිසාම චීන ලැබෙයි කියලා.

අපි සති දෙකකට කලින් නිවේදනයක් කළා හරි විනිවිදභාවයකින් මහබැංකුව සති භාණ්ඩාගාර බිල්පත් යම්කිසි වෙනත් ක්‍රියාවලියකට අනූකූලව සිදු කරන බවටත්,, ඒ වගේම ස්වෙච්ඡා ක්‍රියාවලියකට අනූව මහබැංකුව සතු බැඳුම්කර ණය ප්‍රතිව්‍යුගතකරණයට යොදා ගන්නවා කියලා.

අපි අයි.එම්. එෆ්. ඉල්ලීම්  මේ වන විට යම්තාක් දුරට සපුරා තියෙනවා. අය-වැය පරතරය , උද්දමනය යන ආදී අංශ මගින් අපි කැපකිරීම් කරලා තියෙනවා.  ඊළඟ පියවර වශයෙන් දේශීය ණය කළමනාකරණය ඇති කළ යුතුයි. අප්‍රේල් මාසය අවසන් වන විට අපේ උපාය මාර්ගයන් ප්‍රකාශයට පත් කිරීමට අප කටයුතු කළ යුතුයි.

එවිට අපිට ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා වාණිජ ණය හිමියන් මෙන්ම,, ද්විපාර්ශ්වික ණය හිමියන් සමග දිගටම කටයුතු කළ හැකියි. අපි දැන් අමාරුම ප්‍රතිසංස්කරණ කරලා අවසන්. අපිට  විවිධ පාර්ශ්ව විරුද්ධ වෙලා තියෙනවා. ඒ වගේම පසුබෑම් තියෙනවා. නමුත් ශ්‍රී ලංකාව ජනතාව තේරුම් අරන් තියෙනවා මේ අර්බුදයෙන් ගොඩ ඒමට අමාරු ප්‍රතිසංස්කරණ කළ යුතු බව.

ඒ වගේම මේ ප්‍රතිසංස්කරණ ඉතා ඉක්මනින් අවසන් කළ යුතු බව. මම හිතනවා මම ජනතාව අපට සහය දක්වයි කියලා. මේ ප්‍රතිසංස්කරණ වලින් පස්සේ ජනතාවට තේරේවී මෙහි සැබෑ ප්‍රතිලාභ මොනවද කියන කාරණය. එතකොට ජනතාවට තේරේවී ඇයි මෙවැනි දේවල් අවශ්‍යය කියලා. මේ දේවල් කළොත් පමණයි අපිට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හැක්කේ”  

Loading

Tell me 💬
Notify of
guest

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close