නාරම්මලදී පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙක් මරුට.!

අද අලුයම නාරම්මල ප්‍රදේශයේදී පොලීසිය කළ වෙඩි තැබීමකින් 28 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත.

අන්තර්ජාලය ඔස්සේ දුරකතන අලෙවි කරන බවට සඳහන් කර ව්‍යාජ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු මෙලෙස වෙඩි වැදීමෙන් මිය ගොස් ඇති බව පොලීසිය සදහන් කරයි.

ජංගම දුරකථන මිලදී ගැනීමට රුවන්වැල්ල ප්‍රදේශයේ පිරිසක් පැමිණ ඇති අතර ඔවුන්ට ඇති වූ සැකයක් මත ඒ පිළිබඳව පොලීසියට දන්වා පොලිස් නිලධාරීන් සමග ඔවුන් හමුවීමට ගොස් ඇත.

එහිදී නාරම්මල ප්‍රදේශයේ ස්ථානයකට පැමිණෙන ලෙස කොල්ලකරුවන් පිරිස ඔවුන්ට දන්වා ඇති අතර එම ස්ථානයට පැමිණීමත් සමග කොල්ලකරුවන් ඔවුන්ගේ මෝටර් රථයට තියුණු ආයුධවලින් පහරදී ඇත.

එහිදී පොලිස් නිලධාරීන් සමග ඇති වූ පොරබැඳීමක් අතරතුර පොලිස් නිලධාරීන් කොල්ලකරුවන් පිරිසට වෙඩි තබා ඇති අතර එහිදී කොල්ලකරුවන් දෙදෙනෙකු පළා ගොස් ඇතත් වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එක් කොල්ලකරුවෙකු රෝහල්ගත කිරීමේදී මිය ගොස් ඇත.

Loading

RSS