තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකළ නතාෂා එදිරිසූරිය ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇත.
ඉදිරිපත් කළ ඇප පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
නතාෂා වෙනුවෙන් ඇප ඉල්ලීමට විරුද්ධ නොවන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කළ දැනුම්දීමෙන් අනතුරුව විනිසුරුවරයා නියෝගය නිකුත් කර ඇත.