බිෂොප් විද්‍යාලයේ ශ්‍රවණාගාරයෙහි පසුගියදා පැවති “මෝඩාභිමානි” නම් වැඩසටහනේදී එම වැඩසටහන මෙහෙය වු නතාෂා එදිරිසූරිය නම් කාන්තාව විසින් කරන ලද නින්දා සහගත ප‍්‍රකාශයට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිලි කර ඇත.
රටේ බෞද්ධයාගේ පූජනීය චරිතයක් වන බෝධිසත්ව චරිතයට ඉතාම නින්දා වන අයුරින් හා බුදුදහමට නින්දා වන අයුරින් නතාෂා එදිරිසූරිය නම් කාන්තාව ප්‍රකාශ කර ඇති බවට පැමිණිලි කිරීමට Beyond the struggle ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය බලංගොඩ කස්සප හිමි පියවර ගෙන ඇත.
මෙම අපහාස කිරීම සම්බන්ධයෙන් රට පුරාම පොලිස් ස්ථානවලට පැමිණිලි කරන බවත් නතාෂා එදිරිසූරිය, හසලක තුෂාර, මංජු නිශ්ශංක යන අය බෞද්ධ ආගම මූලික කරගෙන සිදුකරගෙන යන ක්‍රියා සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටින බවද පූජ්‍ය බලංගොඩ කස්සප හිමි පවසයි.
“සුද්ධෝදන ගේ පොඩි එකා ඉපදුණු දවසෙම ඇවිද්දා. ඉපදුන දවසේම කවියක් කිවුවා. ඒකට අපේ එවුන්” යැයි නතාෂා එදිරිසූරිය නම් කාන්තාව පසුගියදා පැවති “මෝඩාභිමානි” නම් වැඩසටහනේ සදහන් කළේය.