උතුරේ මෙන්ම මුළු මහත් සමාජයේම ආන්දෝලනයකට තුඩු දුන් ඛේදජනක සිදුවීමක් ලෙස හැදින්වෙන යාපනය ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය හිමිවී පල්ලේකැලේ බන්ධනාගාරයේ රඳවා සිටි පූබාලසිංහම් තවකුමාර් තැනැත්තාට රෝගී තත්වයක් උත්සන්න වීමෙන් මරණයට පත්ව ඇති බව වාර්තා වේ.
දැරිය 2015 වසරේ මැයි මස යාපනය ප්‍රදේශයේ දී ඝාතනයට ලක් වූ අතර ඒ සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පුද්ගලයින් 07 දෙනෙකුට 2017 වසරේ දී මරණ දණ්ඩනය නියම විය.
විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් යාපනය මහාධිකරණයේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ස්විස් කුමාර් ඇතුළු හත්දෙනෙකුට මරණ දඬුවම් ලබාදෙනු ලැබීය.
මරණ දණ්ඩනය හිමිවීමෙන් පසු පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයට යොමු කර සිටි මොහු වරින් වර රෝගාතුර වීම හේතුවෙන් බන්ධනාගාර රෝහලට සහ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාගත් බව වාර්තා වේ.
මාර්තු 31 වන දින ඔහු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර රෝහලට ඇතුළත් කර ඇති අතර, ඊට සුළු වේලාවකට පසු ඔහු ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලීසිය සඳහන් කළේය.
මියගිය පූබාලසිංහම් 39 වැනි වියේ පසුවූ පුද්ගලයෙකු වන අතර ඔහු මරණ දණ්ඩනය වෙනුවෙන් අභියාචනයක් ඉදිරිපත් කර තිබූ බවද වාර්තා වේ.
මියගිය පූබාලසිංහම් ගේ සිරුර මරණ පරීක්ෂණය සඳහා මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මරණයට හේතුව මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව පොලීසිය පවසයි.