ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ක්ෂ්මන් නිපුණආරච්චි මහතා පවසන්නේ තමා ඇමැති ධුරයක් භාර නොගත්තේ ඒ පිළිබඳ ඇති වූ නීතිමය ගැටලුවක් හේතුවෙන් බවයි.
ජාතික කන බලවේගයේ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට තේරී පත්වීමත් සමග හිස් වූ මන්ත්රී ධුරයට ලක්ෂ්මන් නිපුණආරච්චිගේ නම පසුගියදා ගැසට් කෙරිණි.
එහෙත් සිය මන්ත්රී ධුරයෙහි දිවුරුම් දීමට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හැරීම හේතුවෙන් නිපුණආරච්චි මහතාට එම අවස්ථාව හිමි වූයේ නැත.
කෙසේවෙතත් පාර්ලිමේන්තුවට නොපැමිණ මන්ත්රීවරයෙකුට ඇමැති ධුර ලබාගත හැකි බවට පාර්ලිමේන්තු මහ කොමසාරිස්වරයා සඳහන් කළද නීතිපතිවරයා ඊට එකඟ නොවූ බව වාර්තා වෙයි.