සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය සෞඛ්‍ය අමාත්‍යවරයා හා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස සමඟ අද සාකච්ඡාවක් පැවති අතර ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, මුදල් අමාත්‍යාංශ ලේකම්, හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගර රත්නායක ඇතුළු පිරිසක් සහභාගී විය.
එම සාකච්ඡාවේදී ප්‍රමාණවත් පිළිතුරු නොලැබුණු බවත් සාකච්ඡාව අසාර්ථක බවත් අමාත්‍යාංශයෙන් අදාළ ලිඛිත ලියවිල්ල ලැබීමෙන් පසු වර්ජනයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් තීරණය කරන බවත් එම සංගමයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසීය.
කෙසේ වෙතත් අද පෙරවරුවේ රෝහල් 10ක දියත් කෙරුණු වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්වී සිටිනු මාධ්‍ය වාර්තා කර තිබුනි.
වෛද්‍යවරුන් සඳහා පමණක් ලභාදුන් රුපියල් 35,000ක ප්‍රදාන හා නිර්බාධක දීමනාවට විරෝධය පාමින් සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් අද යළිත් වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කළේය.