අතුරුදන් හෙලිකොප්ටර් යානයේ සුන්බුන් හමුවෙයි.!

අද දිනයේ පියාසර කරමින් තිබු හෙලිකොප්ටර් යානයක් පුද්ගලයින් 06 දෙනෙකු සමග නේපාලයේදී අතුරුදන් වු අතර යානය උදෑසන 10.00ට පමණ ප්‍රධාන පාලක කුළුණ සමග සිය සම්බන්ධතාව විසන්ධි විය.

එලෙස අතුරුදන් වූ හෙලිකොප්ටර් යානය කඩා වැටී ඇති බවත් එම අනතුරින් හෙලිකොප්ටර් යානයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 06 දෙනාම මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම හෙලිකොප්ටර් යානය නේපාලයේ එවරස්ට් කන්ද ආසන්නයේදී අතුරුදන් වූ බවත් යානය මෙක්සිකානු ජාතිකයින් පිරිසක් රැගෙන කත්මණ්ඩු වෙත පියාසර කරමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී ඇත.

යානය අතුරුදන් වූ බවට වාර්තා වීමත් සමඟ යානය සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කළ පසු එම යානයේ සුන්බුන් සහ මගීන්ගේ මළ සිරුරු හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුර සම්බන්ධයෙන් නේපාල සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කළේ, මෙම හෙලිකොප්ටර් යානය ගසක ගැටීමට හේතුවෙන් කඩාවැටී විනාශ වී ඇති බවයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close